ගොනෝරියා (Gonorrhea) නැත්නම් සුදු බිංන්දුම ගැන Sinhalen දැනගමු

 



 

ගොනෝරියා (Gonorrhea) එහෙමත් නැත්නම් සුදු බින්දුම කියන්නේ අද වෙද්දි ගොඩක්ම බහුල රෝගී තත්ත්වයක් වගේම නිසි අවස්තාවේ නිසි ප්‍රතිකාර නොලැබීමෙන් බොහෝ දරුණු සංකූලතා ඇතිවෙන්න පුලුවන් රෝගී තත්ත්වයක්.

අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා සමාජයේ ඇති වී ඇති ලිංගික සම්ප්‍රේෂණය රෝග ව්‍යාප්තිය වර්තමාන තරුණ ප්‍රජාවට විශාල බලපෑමක් එල්ල කරනවා. ඒ අතර එච් අයි වි/ එඩ්ස් (HIV/AIDS), සිපිලිස්(Syphilis) , හර්පීස් වගේ(Herpes), ලිංගික ඉන්නන්(Genital warts) , වගේ රෝග ප්‍රමුඛ වෙනවා. 

සංසර්ගය සදහා විශ්වාසවන්ත සහකරුවෙක් පමණක් තෝරා නොගැනීම නිසා බොහෝ දෙනා මෙසේ තමා ගේ ලිංගික සෞඛ්‍ය අවදානමට ලක් කර ගන්නවා. එසේ සම්ප්‍රේෂණය වන රෝග බහුතරයක් අද සමාජයේ දක්නට ලැබෙනවා. ගොනෝරියා(Gonorrhea) ද එසේ සම්ප්‍රේෂණය වන ඉතා වේදනාකාරී ආසාදන ඇති කරන රෝගයක්.

ගොනෝරියා Gonorrhea) යනු කුමක්ද?

ගොනෝරියා හෙවත් සුදුබිංදුම කියන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය (Sexually transmitted infection) වන ලිංගික අවයව(genital organs) ගුද මාර්ගය (anal/rectal area) සහ උගුර වැනි ප්‍රදේශ(Throat) ආසාදනය කල හැකි රෝගයක්. මෙම රෝගය බෝවීම සිදුවන්නේ බැක්ටීරියාවක් මගින්. මෙය ඉතා සුලබ ලෙස දක්නට ලැබෙන්නේ 15 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ තරුණ තරුණියන් (young population) අතරයි.

ජීව විද්‍යාත්මක අවදානම සැලකූවිට පුරුෂයන්ට වඩා කාන්තාවන්ට මෙම රෝගය වැළඳීමේ අවදානම වැඩියි යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO) දත්තවලට අනුව කාන්තාවන් සීයට 0.8% කටත් පුරුෂයන් 0.6% කටත් මෙම රෝගය වැළඳෙනවා. මෙම රෝගය වඩාත්ම සුලභ සැලකෙන ඇමෙරිකාවේ වසරකට රෝගීන් ලක්ෂ හයක් පමණ වාර්ථාවෙනවා.

ශ්‍රී ලංකාවේ දත්ත අනුව සාමන්‍යයෙන් ගොනෝරියා රෝගය සියලුම ලිංගාශ්‍රිත රෝග අතර 1.3 % පමණ දක්නට ලැබෙනවා (2019 STD data of Sri Lanka).

බෝ වෙන ආකාරය (Ways of transmission)

  1. ගුද මාර්ග සංසර්ගය (Anal sex)
  2. මුඛ සංසර්ගය (Oral sex)
  3. යෝනි සංසර්ගය (Vaginal sex)
  4. සමලිංගික චර්යා (Homosexual sex)

Gonorrhea රෝග ලක්ෂණ



මේ රෝගය වැළඳෙන කාන්තාවන්ගෙන් 50% පමණ රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ පෙන්වන කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් සැරව වැනි ශ්‍රාවයක් ගැලීම ලිංගික එකතු වන විට වේදනාවක් දැනීම හෝ යටිබඩ වේදනාව දැනීම වැනි ලක්ෂණ දකින්න පුළුවන්. 

මේ රෝගය වැළඳෙන පුරුෂයින් ගෙන් 90% කටම රෝග ලක්ෂණ නොපෙන්වන අතර ශිශ්නයෙන් සැරව වැනි ශ්‍රාවයක් ගැලීම මුත්‍රා දැවිල්ල ශිෂ්ණයේ ඉදිමුම් සහිත දැවිල්ල වැනි ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

ගොනෝරියා ප්‍රතිකාර

බැක්ටීරියා රෝගයක් නිසා ප්‍රතිජීවක භාවිත කර මේ රෝගය සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. නිවැරදිව එක දිගට ඖෂධ ගැනීම වැදගත් වන අතර බැක්ටීරියා විනාශ වෙන තුරු ලිංගික ක්‍රියාවල නොයෙදී සිටීම වඩා ආරක්ෂාකාරී වෙනවා. නමුත් බැක්ටීරියාවේ ප්‍රතිරෝධය කාලයත් සමග වැඩි වෙන නිසා කාලයත් සමග සුවකිරීමේ පහසුව නැතිවී යනවා.


මේ වගේ වටිනා ලිපි තව බලන්න අපේ බ්ලොග් එක ෆලෝ කරල තියාගන්න 




 

Comments