ඔයා වත්ත සුද්දකරනකොට මේව ගලෝල විසිකරනවත් ඇති

 


ලේ විශවෙලා නේ  දියවැඩියාවත් තියනවද?


 ඔබගේ අවධානයටයි...


කියවා අහක නොදමන්න මේන්  කරුණාවෙන් ඉල්ලමි.


ඔබේ ඇස ගැටි ගැටී සෑම ඉසවුවකම ඉබේ වැවෙන ,සුදු සහ රෝස හුරු දම්පැහැති මල් මංජරියක් හට ගැනෙන වර්ග දෙකක් ඇති .මුලෙ ඉතා මිහිරි සුවඳක් විහිදෙන 



               මේ බලසම්පන්න ඔසුව මිනිස් සිරුරේ ලේ ධාතුව මනාව පෝෂනය කර ⁣ රක්ත හීනතාවය දුරලීමට සහ ලේ ධාතුවට එක්වී ඇති සියලුම විශ ඉවත් කර ලේ  ඉතා සුපිරිසිදු කිරීමට පුදුමාකාර බලයකින් සමන්විත , ශරීරය සිසිල්කර ස්නායු දුර්වලතාද මගහැර අංශබාග රෝගීන්ද නීරෝගිකරන , අක්ෂි රෝග සුවකර ඇස්පෙනීම  ලබාදීමට සමත්,ලදරු මාන්දමනැමැති රෝගය දුරලන, යෝනිගත දෝෂ,ගර්බාශගත දෝෂ සහ කාන්තාවන්ගේ රෝග දහසකට ගුණ කියන,වාතසහ සමේ රෝග සුවකරන කැපුම් තුවාල මස් ලියලා සුවකරදෙන, යටිපතුල්  දැවිල්ල විලුඹ පැලීම  හිරු දුටු පිණිසේ දූරීබුත කරන, කොන්ද දනපොල්කටු, විලුඹ  රිදීම් කෙවීම්  සුවකරදෙන , දියවැඩියා රෝගයේ සීනි මට්ටම පාලනයකර දියවැඩියා රෝගය මුලින් උපුටා දැමිමට හැකි,අධික පෝෂණ ගුණයක් ඇති මහා බලසම්පන්න විශ්වකර්ම ඔසුවක්  මහනර්ග මොණරකුඩුම්බිය බව   මා දිවුරාම පවසමි .

           කැඳ සාදා සහ කලවම් මැල්ලුමක් සේ  රසබලා  මෙහි ගුණ ලැබිය හැක

       

විශේෂයි :- 


⁣මොණරකුඩුම්බිය සහමුලින්ම උදුරා වට්ටක්කා ඇට සමග වනේලා කොටා මිරිකා එම යුෂ සමගින් , සුදුලූනු, ඉගුරුදමා හීනටි හාලේ  කැඳ පිස උදෑසන දින කීපයක් බීමට දෙනු . ඉහත කී සියලුම ලෙඩට අත්දුටුවයි සත්තයි  සැක නොවනු අතුරු ආබාද නැත

.හීනටි හාල් නැතිනම් නිකං හාලෙන් හරි කැඳ සාදා ගන්න


වට්ටක්කා ඇට ගැන මදක් කිව යුතුමයි මේ ලොවේ දැනට ඇති  මානව ප්‍රතිශක්තිකරණය ඉහල දමන අංක එකේ ඔසුව වට්ටක්කා ඇට බව මතක තබා ගනුව ,අතීතයේ මෙහි ගූණ දත් හෙලයන් පැසුනු වට්ටක්කා ඇට බැද කුඩා දරුවනට කෑමට දුන්නා ලෙඩ රෝගයන්ගෙන් තම දරුවන් මුදවා ගැනීමට වර්තමානයේ ඒවා අමතකවෙලාගොස් ජාතියේ අවාසනාවට

Comments