සුද යාමේ රෝගය

 




ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමෙන් පසු ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය මත අවර්ණ තරලයක් යෝනි මාර්ගය තුළින් ස්‍රාවය වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි .මෙම යෝනි ස්‍රාවය සුදු පැහැයට ආසන්න වර්ණයකින් වැඩි ප්‍රමාණයකින් ස්‍රාවය වීම සුදයාම,ඇඟ උණුකරවා යාම ලෙස හඳුන්වනු ලබයි. ශ්වේතප්‍රදරය ලෙස ආයුර්වේදයේ දක්වා ඇත්තේ මෙයයි.


මෙම යෝනි ස්‍රාවය

කිරි කැටිති මෙන් විය හැකිය

දුර්ගන්ධය පැවතිය හැකිය .

යෝනි කණ්ඩු (කැසීම්)පැවතිය හැකිය .

ලා කහ,ලා කොළ වැනි විවිධ වර්ණ විය හැකිය.

ශ්වේතප්‍රදර හේතුව අනුව යෝනි ස්‍රාවයේ ගුණ වෙනස් වේ

ශ්වේතප්‍රදරය සඳහා ශාරීරික හේතු ,මානසික හේතු හා විවිධ රෝග තත්වයන් බලපානු ලබයි.යෝනි මාර්ගයේ ආසාත්මිකතාවයන්

candida වැනි යීස්ට් ආසාදන

උපත් පාලන ඖෂධ භාවිතය (හෝර්මෝන මඟින් pH අගය වෙනස් වීම නිසා සාමාන්‍ය බැක්ටීරියා අධික වර්ධනය )

දියවැඩියාව ,ගැබ්ගෙල පිිළිකා වැනි රෝග තත්ව

මානසික ආතතිය හා අධික ද්වේශය

ගර්භිනීභාවය

ක්ලැමිඩියා,ගොනෝරියා,ට්‍රයිකොමොනියේසිස්,ගාර්ඩිනෙල්ලා වැනි ලිංගාශ්‍රිත රෝග

මැදිවියේදී සුදයාම දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකිය.



සුදයාම සහිතව යෝනි කණ්ඩු තත්වයක් පවතී නම් මැදිවියේ පසුවන ඔබ රුධිරගත සීනි පරීක්ෂාවක් කර ගැනීම වඩා සුදුසුයිමුල් උපදෙස් හා හිත ආහාර යෝනි ප්‍රදේශය මෘදු සබන් වර්ගයක් භාවිතයෙන් මඳ උණුසුම් ජලයෙන් දිනකට කිහිප වරක් පිරිසිදු කිරීම හා පවිත්‍ර කිරීමෙන් පසු ඉදිරියේ සිට පිටුපස දෙසට පිසදැමීම කළ යුතුයි.එමඟින් රෝගීකාරක බැක්ටීරියා ,දිලීර වෙනත් ස්ථාන වල ස්පර්ශ වීම වළකයි.


100% කපු පිරිසිදු යට ඇඳුම් භාවිතය තෙත් වූ යට ඇඳුම් භාවිත නොකිරීම ආදී නිවැරදි පිළිවෙත් අනුගමනය රෝගය වළක්වා ගැනීමට ඉතා වැඳගත් වේ.


3.උළුහාල් ,කොත්තමල්ලි ,සුදුළුණු වැනි කුළුබඩු වර්ග,ග්‍රීන් ටී ,බත් කැඳ වැනි පාන වර්ග, Probiotics අඩංගු යෝගට් වැනි ආහාර ශ්වේතප්‍රදර රෝගයට සුදුසුයි .උෂ්ණාධික ආහාර වලින් වැළකිය යුතුයි

Comments