දිව ඔසුවක් වන නිල් කටරොලු බීම

 



🍸 නිල් කටරොළු මල් බීම 🍸 


දිව ඔසුවක් වන් නිල් කටරොලු මල් පානය... 


අවශ්‍ය ද්‍රව්‍ය:


☘️ නිල් කටරොළු මල් කටරොළු මල් 6/7 ක්

☘️ උනු වතුර කෝප්ප එකයි 

☘️ රස අනුව සීනි 

☘️ ලුණු ස්වල්පයක් 

☘️ දෙහි යුෂ


සාදන ක්‍රමය:


නිල් කටරොළු මල් හොඳින් සෝදා පිරිසිදු කර කොළපාට නටුව කොටස කඩා ඉවත් කරන්න. උණුවතුර කෝප්ප එකකට මල් 6-7 ප්‍රමාණයක් දමා පියනකින් වසා විනාඩි 10-15 ක් පමණ තිබෙන්නට හැර එම මල්ටික මිරිකා ඉවත්කර යුෂ ලබාගන්න. මෙය හොඳින් නිවුණු පසු  ඊට සීනි, ලුණු සහ දෙහි බින්දු කිහිපයක් එක්කරගන්න. කැමතිනම් ශීතකරණයක තබා කූල්කර රස බලන්න.


 

➡️ නිල් කටරොලු මලේ ගුණ... 




අතීතයේ පටන් දේශීය වෙදකම සඳහා ඖෂධයක් ලෙස බහුලව නිල්කටරොළු ශාකයේ පංචාංගය ම රෝග නිවාරණයට යොදා ගන්නා ලද බව ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වේ. නිල් කටරොළු මල පිළිබඳ අද වන විට වැඩි වශයෙන් කතාබහට ලක් වනුයේ එහි ඇති ඖෂධීය ගුණය සහ වටිනාකම නිසාය.


අපේ රට තුළ එතරම් නොවූවත් ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, මැලේසියාව වැනි රටවල මෙය ඉතා ප්‍රචලිත පානයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මීට අමතරව වර්තමානයේ නිල්කටරොළු යුෂ සතු වර්ණවත්භාවය නිසා විවිධ කෑමවර්ග සඳහා කටරොළු භාවිතයට ගනු ලැබේ.


කටරොළු මලේ ඇති ප්‍රතිඔක්සිකාරක හැකියාව නිසා ඊට ශරීරයේ බොහෝ රෝග සඳහා සුව සැලසීමේ හැකියාවෙන් යුක්තයි. ඒ අනුව, 


🔸 කැස්ස, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සෙම් ආශ්‍රිත රෝග සඳහා ද සිරුරේ කැලරි දහනය කිරීමට   හා හදවත ආශ්‍රිත රෝග පාලනයට නිල් කටරොලු උපකාරී වේ.


🔸 එමෙන්ම රුධිරයේ සීනිමට්ටම පාලනය කිරීමටත්, ආමාශගත රෝග පාලනයට හා අක්මාව ආශ්‍රිත ආසාදන සුව කිරීමට මේවා යොදා ගනී.


🔸 තවද ශරීරගත වූ විවිධාකාර විෂ නැසීමටත්, බුද්ධිය වර්ධනයට හා අර්ශස් අමාරු සුවකිරීමට මෙන්ම විවිධ චර්ම රෝග සුව කිරීම සඳහා නිල් කටරොළු උපකාරී වේ. 


🔸 දරුඵල සාර්ථක කරගැනීමට හා ගර්භාෂය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සමනයටත්, මානසික රෝග වළක්වාලමින් සුව මනසක් ඇතිකිරීමටත්, කාන්තාවන්ගේ රූපලාවණ්‍ය කටයුතු සඳහා ත් මේවා භාවිතා වේ.

Comments