ලිංගික ඉන්නන් ගැන ඔබ දැනුවත්ද.

 


හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගය ලිංගේන්ද්‍රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.

රෝග ලක්ෂණ

ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස අටක් හෝ අවුරුදු කිහිපයක් අතරේදී රෝගී ලක්ෂණ මතුවේ.

ලිංගේන්ද්‍රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර ඒවා නොවැටී පවතී. ලිංගේන්ද්‍රියේ අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී.

ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය.

ප්‍රතිකාර නොගැනීමෙන්

ඉන්නන් වැඩි වී ඉවත් කිරීම අපහසු වේ. ආසාදිත මවකගෙන් ප්‍රසූතියේදී දරුවාට බෝවිය හැකිය.

ගැබිගෙල පිළිකාවන්ට මුල පෑදිය හැකිවේ.

සැළකිය යුතුය.

ලිංගික රෝග ගොදුරු වන බොහෝ රෝගීන් රහස්‍යභාවය හෙළිවේ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැත.

නමුත් එලෙස රෝගය සඟවාගෙන සිටීම තවත් රැසකට අත වැනීමක් සේම, සමාජය පුරා පැතිරීමට බලපාන කරුණක් විය හැක. ඉහත රෝග ලක්ෂණයන් දුටු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර සඳහා යොමු වන්න.

Comments