පොල් තෙල් සාදාගන්න පොල්කුඩු වේලන්නම ඕනිද...?

  



දිනපතා ඔබ ලබාගන්නා ආහාරවේල සදහා තෙල් අඩංගු ආහාරයක් එක් කර ගැනීම සාමාන්‍ය තත්වයකි. 

මේ වන විට රටේ පවතින තත්වය අනුව පොල් තෙල් මිල ඉහල ගොස් ඇත.නමුත් ඔබට නිවසේදිම ඉතා පහසුවෙන් අවශ්‍ය අවශ්‍ය ප්‍රමානයන් අනුව එදිනෙදාට වුවද තෙල් හිදවාගත හැකි සරලම ක්‍රමයක් ඇත.


ඔබ ආහාරවේල සදහා යොදාගන්නා ගාගත්ති පොල් කිරි සකසා ගැනීමට ප්‍රතම ජලය නොදමා මිටිකිරි ලෙස හොදින් මිරිකාගත් කිරි පිරිසිදු භාජනයකට දමා ශීතකරනයේ තබන්න...



දිනපතා ව්‍යාංජන හයකට වැඩි සංක්‍යාවක් සාදාගන්න පොල්කිරි යොදාගනිමිත් ඔබ සුපුරුදු ක්‍රියාවක් ලෙස මිටි කිරි සතියක් ඇතුලත ශීතකරනයේ තබා ගන්න....


ඔබට අවශ්‍ය වූ විට සිදුකල යුත්තේ එම රැස් කරගත් කිරි ශීතකරනයේ තිබී මිදී ඇති භාජනය මතින් රැගෙන අනිත් ව්‍යාංජන සකසන ආකාරයට කිසිවක් නොකර හොදින් හිදීමට ලිපෙහි රදවනයක් මත තබා හිදවා ගැනීමයි 


මෙමගින් ඉතා කෙටි කාලයක් තුල ඉතා පැහැපත් රන්වන් පාටට තෙල් හිදී පවතින බව ඔබට දැක ගත හැක.


වෙලදපොලෙහි ඇති කිසියම් වූ ආකාරයකින් සකසන පොල් තෙල් වලට නොරැවටී නිවසේදිම තමා දෑතිම ඉතාමත් පිරිසිදු පොල් තෙල් ලබා ගන්න...


තෙල් මතින් වැලදෙන රෝගාදියෙන් මිදී

කිසියම්වූ වියදමකින් තොරව ඔබට පහසු ආකාරයෙන් පිරිසිදු පොල් තෙල් ලබා ගත හැකිය...


ඔබත් අදම සිදුකර බලන්න ☺️


මේ වගේ වටිනා ලිපි තවත් බලන්න අපගේ බ්ලොග් පිටුව ෆලෝ කරල තියාගන්න.



Comments