මන්කි ෆොක්ස් වයිරසය

 



ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් Monkey Pox ගෝලීය හදිසි සෞඛ්‍යය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරයි. මීට පෙර මෙවැනි හදිසි තත්ත්වයන් ප්‍රකාශ කර ඇත්තේ වසූරිය සහ Covid_19 වලට පමණි. 


#Monkeypox සාමාන්‍යයෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැසීම සහ මුහුණේ හෝ ලිංගික අවයවවල තුවාල ඇති කරනු ලබයි. WHO ඇස්තමේන්තු කරන පරිදි මෙම රෝගය සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට මාරාන්තික වනවා.


විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්, ගර්භනී කාන්තාවන් සහ අවුරුදු 12 ට අඩු ළමුන් දැඩි අවධානම් ඛාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා.


වසූරිය රෝගයේ ප්‍රභේදයක් වන වඳුරුපොක්ස් (Monkey Pox) නම් අතිශය දුර්ලභ රෝගයකි.


මෙම වෙෙරසය ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වී නැහැ. වෙෙද්‍ය චන්දිම ජීවන්දර මහතා පසුගිය දිනක පැවසූයේ, අප රට තුළ මෙම වෙෙරසය හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකළ හැකි බවයි.


මෑත කාලීන හොඳම උදාහරණය කොරෝනා රෝගය. ඒ ආකාරයටම සතුන්ගෙන් මිනිසුන්ට බෝවුන රෝගයක් මේ Monkey Pox රෝගයක්. 1958 දී පමණ වඳුරු ගහණයකින් අනාවරණය කරගත් මෙය පළමුව මිනිසකු තුළින් සොයෙගනු ලැබුවේ 1970 දී. 




රෝග ලක්ෂණ

-------------------------------------------

 (පහත රූපයෙන් පරිදි වෙයි) 




ආසාදනය වීම

-------------------------------------------

◾ආසාදිත පුද්ගලයකු සමඟ ස්පර්ශය මගින්

◾ස්වසන මාර්ගයේ ඇති ස්‍රාවයන් මගින්

◾ලිංගික සබඳතා මගින්

◾ආසාදිත පුදුගලයකු භාවිතා කළ ඇදුම්, ඇඳ ඇතිරිලි මගින්

◾ආසාදිත මවගෙන් වැදෑමහ හරහා දරුවාට


ආසාදිත පුද්ගලයකුගේ බිබිලි සම්පූර්ණ සුවවන තුරු රෝගය පැතිරීම සිදුවිය හැකිය. 


රෝගය පැතිරීම පාලනය කිරීමට කලයුත්තේ? 

-------------------------------------------

◾Face Mask එකක් භාවිතා කිරීම 

◾රෝග ලක්ෂණ ඇති අය සමඟ 

       ▪️ඇසුරු කිරීමෙන් වැළකීම, 

       ▪️ආහාර ගැනීමෙන් වැළකීම, 

       ▪️ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැලකීම

◾ආසාදිත අයෙක්නම් අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් භාවිතා කළ යුතු අතර හුදකලා විය යුතුය. 

 ◾නිතර සබන් යොදා දෑත් සේදීම හෝ සැනිටයිසර් භාවිතා කර පිරිසිදු කර ගැනීම.

Comments