ගංජ නොහොත් කංසා ගැන

 


කංසා භාවිත කරන අනිත් අය ගැන කියන්නට මම නොදනිමි .


නමුත් කංසා ශාකයෙන් නිපදවන ගංජා,හෂීස්,මල්,කුෂ්,ස්කන්ක්,සෙන්ස කේජී වැනි සංඝටක පරිභෝජනය කොට

 ඇබ්බැහිව,පීඩාවට,රෝගී තත්වයට,පරිහානියට සහ කායික, ස්නායු සහ මානසික රෝගී තත්වයට පත්ව එන සේවාලාභීන් කියන දේ සහ ඔවුන් තුල අප දකින දේ ගැන මෙසේ ලියමු.


"අපි සමාජෙට මූණ දෙන්න බයේ හිටියා.ඒකෙන් බේරෙන්න ගංජ ගැහුව.දැන් මං රෝගියෙක්.."


"මට තිබ්බ ලිංගික ගැටලුවක් ...ක්ෂණික මෝචනය සහ අප්‍රාණිකබව. යාලුවෙක් කීව ගංජ බොන්න කියල.ම්හ්..අර ලෙඩේ සනීප වුනේ නෑ..ඒත් ගංජ වලට ඇබ්බැහිවුනා."


" නිදි මරන්න හොඳයි ..බීපං මේවා කියල යාලුවෙක් මට ගංජ දුන්නා..ඒත් හරි ගියේ නෑ..මං ස්නායු ලෙඩෙක් වුනා"


මෙන්න මේ වගේ දේවල් තමා ඔවුන් කියන්නේ..


ඒ වගේම අපේ ඒ ලෙඩ්ඩුන්ව බලන විශෙෂඥ මනෝ  වෛද්‍යවරු කියන්නෙ..


හීනමානය ,

ලිංගික අප්‍රාණිකබව 

ක්ෂණික මෝචනය

ද්විධ්‍රැව මානසිකත්වය  Bipolar

භිනෝන්මාදය schizophrenia 

වගේ  නොයෙකුත් රෝග තියන බවයි.


මට තේරෙන්නෙ කංස හොඳයි කංස හොඳයි කියල සමාජ මාධ්‍ය ජාලා වල තප්පුලන්නෙත්..අර දොස්තරල කියපු රෝග තියෙන අය කියලයි

Comments